ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තීරණාත්මක සිව්වන එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්රිඩාංගනයේදී අද (21) පස්වරුවේ ආරම්භ වනවා. තරගාවලි ජයග්‍රහණයක අපේක්ෂාව ඇතිවයි ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසෙන්නේ.
තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරඟ තුනෙන් දෙකක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා. තුන්වන එක්දින තරගයේදී ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ. දෙපිලටම තීරණාත්මක වූ මෙම තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස ආරම්භ වන්නේ අද පස්වරු 2.30ටයි. ශ්‍රී ලංකාව මෙම අද තරගය ජය ගත හොත් තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගැනීමට අවස්ථාව උදාවනවා. එසේ වුවහොත් ශ්‍රී ලංකාව වාර්තා අතරට එක්වන්නේ වසර 30කට පසුව මෙරටදී ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලයක් ජයගත් සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින්. කෙසේ වුවද ඕස්ට්‍රේලියා කණ්ඩායම ද මෙම තරගය ජයගෙන තවදුරටත් තරගාවලියේ රැදී සිටීමට සැලසුම් කරමින් සිටිනවා.