මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිටි සබරගමුව පළාත් එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් හෙවත් ‘සර්පයා’ නමැත්තා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා.
1999 වසරේ කලවාන ප්‍රදේශයේදී බරගමුව පළාත් හිටපු මන්ත්‍රී රංජිත් නන්දසේන සහ දීපාල් ගුණසිංහ නමැති ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා ඝාතනය කර වාහනයක් තුළ දමා ගිනි තැබීම සම්බන්ධයෙන් සහිත සමන්ත හෙවත් සර්පයා නමැත්තාට චෝදනා එල්ල වී තිබුණා. සිද්ධියට අදාල පොලිස් විමර්ශන නිසි ලෙස සිදු කර නැති බවයි විත්තිකරු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සදහන් කළේ. නොසැලකිලිමත් ලෙස පොලීසිය මෙම විමර්ශනය සිදු කර ඇති බව ඉදිරිපත් කළ සාක්ෂි විශ්වසනීයත්වයෙන් තොර බවත් විනිසුරුවරයා පැවසුවා. අධිකරණ වෛද්‍ය සාක්ෂි ද විශ්වසනීයත්වයෙන් තොර බවයි ඔහු පැවසුවේ. මේ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව ද විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් සදහන් කළා.