ශ්‍රී ලංකාවට කඩුලු 6 ක විශිෂ්ට ජයක් – ශ්‍රී ලංකාව පිහිටු වූ වාර්තා මෙන්න
Related Articles
ඕස්ට්‍රේලියාව සහා ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන එක්දින තරගය කඩුලු 6කින් වාර්තාගත ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
සනත් ජයසුරිය සහා කුමාර සංගක්කාර 2006 වසරේ සිඩ්නි නුවරදී පිහිටවා තිබු ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් හොඳම සම්බන්ඳතාවට හිමි වාර්තාව ඇතුළු වාර්තා කිහිපයක්ම බිඳ දමන්නට ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා .
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලිය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 291 රැරැස්ළා .ආරොන් ෆින්ච් පන්දු 85කදී ලකුණු 62ක් රැස්කළා.අවසන් පන්දු වාර කිහිපයේදී වේගවත් පිතිකරණයක නිරත වූ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 18 කදී ලකුණු 33ක් රැස්කළා . ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ට්‍රාවිස් හෙඩ් ලකුණු 70යි .පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 49 කදුළු 3ක් බිදහෙලුවා.
ලකුණු 292ක් ජයග්‍රාහී ඉලක්කයක් හබායාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරභක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 25 කට දවා ගැනීමට මැක්ස්වෙල් සමත් වුනේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු යම්තාරමකට බිද දමමින්. නමුත් දෙවන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වු කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක ලකුණු 170 ක වාර්තාගත සම්බන්දතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 85 ක් ලබාසිටියදී පාදයේ ආබාදයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වුණා .ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිශ්ශංක මෙම තරගයේදී සිය මංගල එක්දින ශතකය වාර්තාකරමින් ලකුණු 137ක් ලබාගැනීමට සමත් වුණා .කෙසේ වෙතත් තරගයේ 48 වන පන්දුවාරය වනවිට ඕස්ට්‍රේලියාව යළිත් තරගයට අවතිර්ණවුනේ තීරණාත්මක ලෙසයින්. නමුත් චරිත් අසලංක 48වන පන්දුවාරයේ 2වන පන්දුවීදී 6පහරක් එල්ලකරමින් තරගය යළි තමන් සන්තකයට ගැනීමට සමත් වුනා. ඒ අනුව පන්දුවාර 48.පන්දු 3කදී කදුළු 6ක් දැවී ලකුණු 292ක් ලබාගනිමින් තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමගින් තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා .තරගයේ විරයා පැතුම් නිශ්ශංක.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති ජාත්‍යන්තර එක්දින තරගයකදී කණ්ඩායමක් හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි මෙම තරග ජය වාර්තා අතරට එක් වුණේ. මීට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 287ක ඉලක්කයක් සාර්ථකව හඹා යමින් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණා. ඒ, 2012 වසරේ දී යි.එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව හඹා ගොස් එක්දින තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා. මීට පෙර ශ්‍රී ලංකාව විසින් හඹා ගොස් ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 281ක්.
තවද ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට එක්දින තරග 2ක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ජය ගනු ලැබුවේ වසර 20කට පසුව වීම ද විශේෂත්වයක්.
පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 170 ක සබදතාවයක් ගොඩ නැගීමට මෙම තරගයේ දී සමත් වුණා.
එම සබදතාවය ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගයකදී දෙවැනි කඩුල්ල සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ගොඩ නැගූ ඉහළම ලකුණු සබදතාවයයි.මීට පෙර සනත් ජයසූරිය හා කුමාර් සංගක්කාර විසින් 2006 වසරේ දී සිඩ්නි හී දී ලකුණු 163ක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.
මේ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි පැතුම් නිස්සංක මෙම තරගයේ දී ලබා ගත් ලකුණු 137 වාර්තා අතරට එක් වුණේ.