fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරකට වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 50,000ක් හඳුනා ගනී

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2022 12:14

වසරකට වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 50,000ක් හඳුනා ගනී

වසරකට වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් පනස්දහසක් පමණ සිටින බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ඔවුන්ගෙන් රුපියල් මිලියන 532 ක් අයවීමට ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.

ජල සම්පාදන හා ජලපවහන මන්ඩලයෙන් ජල සම්බන්ධතා ලබාගෙන ඇති පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියන 2.8 ක්. ඉන්  92% ක්ම ගෘහස්ථ ජල පාරිභෝගිකයින් සිය බිල්පත් ලැබී දින 14 ක් තුළ මුදල් ගෙවා දමන්නේ නම් ඔවුන්ට  1.5% ක වට්ටමක් හිමිවනවා. කෙසේ වුවත් ජල පාරිභෝගකයින් නියමිත පරිදි බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලය දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බව එහි නිලධාරීන් පවසනවා. ජල පාරිභෝගිකයින්ගෙන් මේ වනවිට මණ්ඩලයට අයවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 7500 ක් වන අතර ඉන්  69% ක් ජල ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් අයවිය යුතු බවයි ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය පෙන්වා දෙන්නනේ.  14% ක් වානිජ ආයතන වන අතර  9% ක් රාජ්‍ය ආයතන මෙසේ හිඟ බිල්පති ගෙවීමට නියමිත කාණ්ඩයට අයත්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2022 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්