fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 64 ක් නාවික හමුදා දැලේ

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2022 12:15

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 64 ක් නාවික හමුදා දැලේ

මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට පලා යාමට උත්සාහ දැරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 64 දෙනා සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ අරම්භ කර තිබෙනවා.

යාත්‍රාවකින් පලා යමින් සිටි මෙම පුද්ගලයින් 64 දෙනා මුලතිව් හා ත්‍රිකුණාමල අතර මුහුදේදී නාවික හමුදා භාරයට ගනු ලැබුවා. ගැඹුරු මුහුදේ  යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවේ සිටි මෙම පුද්ගලයින් පිරිසට පිරිමි පුද්ගලයින් 50 දෙනෙකු කාන්තාවන් 11 දෙනෙකු හා දරුවන් තුන් දෙනෙකු ඇතුලත්.  ඕස්ට්‍රේලියාවට යාම සදහා මුදල් ගෙවා මෙම යාත්‍රාවට ගොඩ වූ බවයි ප්‍රශ්න කිරීම හමුවේ මොවුන් පවසා ඇත්තේ. නාවික හමුදාව භාරයට ගත් මෙම පිරිස ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරුණා. ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමරශන ක්‍රියාත්මක බවයි පොලීසිය සදහන් කළේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2022 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්