සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරග 05 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ කඩුළු දෙකකින්. කෙසේ වුවද මෙහිදී ලකුණු 300 ක් රැස් කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියාවට හොද තරගයක් ලබාදුන්නා. අද තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 2.30ටයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙම තරගය ද පැවැත්වෙනවා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු මධුශංක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුශාන් ඇතුලත්.