ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගය කඩුලු 02 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 300 ක් රැස් කළා. ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක හා ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 115 ක සබදතාවක් ගොඩනැගීමට සමත්වුණා.
ධනුෂ්ක ගුණතිලක ලකුනු 55 කට හා පැතුම් නිශ්ශංක ලකුණු 56 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 86 ක් රැස් කළා. ජායි රිචඩ්සන් යැවූ 49 වන පන්දුවාරයේ පළමු පන්දු පහම හතරේසීමාවට එල්ල කරමින් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කිරීමට වනිදු හසරංග සමත් වුණේ වේගවත් පිතිහරඹයක නිතර වෙමින්.
ඔහු පන්දු 19 කදී ලකුණු 37 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාව පන්දුවාර 13 කට මුහුණදී සිටියදී වර්ෂාව ඇද හැලුණා. ඒ හේතුවෙන් තරගය යළි ආරම්භ කෙරුණේ පන්දුවාර 44 කදී ලකුණු 282 ක ජයග්‍රාහී ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට ලබා දෙමින්.
පන්දුවාර 42 යි පන්දු තුනකදී කඩුලු 08 ක් දැවී තිබියදී ඕස්ට්‍රේලියාව එම ජයග්‍රාහී ඉලක්කය පසු කළා. එහිදී සටන්කාමී පිතිහරඹයක නිරත වූ ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 80 ක් රැස් කිරීම කැපී පෙනුනා. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුනු 58 කට කඩුළු 04 ක් බිද හෙලූ අතර එක්දින වරම් ලැබූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 49 ට කඩුලු 02 ක් බිද හෙළුවා.