ඉන්ධන අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් බස්නාහිර පළාත තුළ විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවක් ක්‍රියාත්මකයි.
පාර්ක් ඇන්ඩ් රයිඩ් සේවාව ද අද සිට ක්‍රියාත්මකයි. තම පෞද්ගලික වාහනයෙන් නිවසේ සිට පැමිණෙන ජනතාවට සුරක්ෂිතව තම වාහනය කඩවත , කටුබැද්ද, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නවතා සුපභෝගී බස් රථ මගින් කොළඹ නගරයට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව අදාල මධ්‍යස්ථාන මගින් සුඛෝපභෝගී බස් රථ විනාඩි 10කට වරක් කොළඹට ගමන් කිරීමටයි සැලසුම්කර ඇත්තේ. මේ සේවාව උදෑසන 6.30 සිට ක්‍රියාත්මකයි.
අද දිනයේ සිට විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක්කර තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා දෛනිකව ධාවනය වන නව දුම්රියක්, ගල්කිස්ස සිට යාපනය දක්වා සති අන්ත විශේෂ දුම්රියක් , කැලණීවැලි දුම්රිය මාර්ගයේ වග සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක් මෙලස ධාවනය එක්වනු ඇති. වග දුම්රිය ස්ථානයෙන් අද ආරම්භ කෙරුණු මෙම නව දුම්රිය උදෑසන 6.20ට පිටත් වන අතර පෙරවරු 8.12ට කොළඹ කොටුවට පැමිණිමටයි සැලසුම් කර ඇත්තේ. පස්වරු 4ට නැවතත් එම දුම්රිය කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය බලා පිටත් වනවා.
මේ අතර පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රමය යටතේ දුම්රිය මගින්ටද තම පෞද්ගලික වාහනය දුම්රිය ස්ථානයේ නවතා දුම්රියෙන් ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව දුම්රිය සාමාන්‍යාධීකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.