සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග මාලාවේ පළමුවැන්න අද ආරම්භ වනවා.
කඩුළු 5කින් යුත් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි. එය අද පස්වරු 2.30ට ආරම්භ වනවා. තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ. එක්දින කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක හොබවන අතර එම කණ්ඩායමට පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ,නිරෝෂන් දික්වැල්ල, වනිදු හසරංග ඇතුලු 21 දෙනෙකු නම් කර තිබෙනවා.
ඔවුන් පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී අද පෙරවරුවේ සිට පුහුණුවීම්වල නිරත වුණා.