ඉන්ධන සදහා කෝටා ක්‍රමයක් හදුන්වා දෙමින් සතිපතා අවශ්‍ය ඉන්ධන සැපයීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එය ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීම සැලසුම බවයි ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කරන්නේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ රටේ ආර්ථිකය යහපත්වන තුරු කෝටා ක්‍රමයක් හදුන්වා දෙන අතර එය ජුලි මාස ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
වාහන හිමියන් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කෙරෙන අතර සතියකට අවශ්‍ය ඉන්ධන ලබා දීම සැලසුම වී තිබෙනවා. පැය 24 පුරා විදුලි සහ ඉන්ධන සැපයුම අඛණ්ඩව ලබා දෙන තුරු ඉන්ධන සැපයීම කලමණාකරණය කල යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම සතියකට අවශ්‍ය ඉන්ධන ආනයනය කළද ඇතැම් පාරිභෝගිකයන් මසකට හෝ ඊට වැඩි කාලයක් සදහා අවශ්‍ය ඉන්ධන තොග රැස් කිරීම තුළින් ගැටලු මතුව තිබෙනවා. පැය 24 පුරාවට අඛණ්ඩ විදුලිය සැපයීමට ඩීසල්, ෆර්නස් ඔයිල් සහ නැප්තා සදහා අමතර ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් මාසිකව වැය වනවා.
ගෑස් හිගය හේතුවෙන් විදුලිය සහ භූමිතෙල් ඉල්ලුම ද ඉහළ ගොස් ඇති අතර මාස 4කට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් වු මාසික ඉන්ධන ආනයන වියදම මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 550 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.