කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලුම විදේශ මුල්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති අප රටේ තරුණ පරපුර කෘෂිකර්මාන්තය සඳහා ආකර්ශණය කර ගත හැති වන පරිදි නව කෘෂිකාර්මික ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කර අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
මේ වනවිට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතනවල සහයෝගිතාව මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති 06ක්පමණ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතී.
මෙම ව්‍යාපෘතිවල ඉහළ නිලධාරීන් සමග පසුගියදා අමාත්‍යවරයා එම ව්‍යාපෘතිවල වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කළේය.
දේශීය කෘෂිකර්මාන්තය තුළ තවමත් නිරතව සිටින්නේ වියපත් ගොවි ජනතාව පමණි. දේශීය කෘෂිකර්මාන්තය යනු තමන්ට දියුණුවිය නොහැකි ක්ෂේත්රයක් ලෙස බොහෝ තරුණ පිරිස් ඒ සම්බන්ධව අවිශ්වාසයෙන් පසු වේ. එම නිසා තරුණ පරම්පරාවේ විශ්වාසය දිනාගත හැකි පරිදි නව කෘෂි තාක්ෂණික පහසුකම් සහිත ආදර්ශ කෘෂි ගම්මාන, වගා කළාප, හා අපනයනය කළ හැකි බෝගවර්ග ප්‍රවර්ධනය වැනි ව්‍යාපෘති නිර්මාණය කළ යුතු යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම විදේශ වෙළෙඳ පොළට තරගකාරීව අපනයනය කළ හැකි කොළ පිපිඤ්ඤා, මිරිස්, හා පලතුරු විශේෂ වැනි ඉහළ වටිනාකමක් සහිත බෝග වර්ග නව කෘෂි තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම සහ ඒවාට අවශ්‍ය පහසුකම් තරුණ ප්‍රජාවට ලබා දෙමින් කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.
TEJC අඹ වගාව, බඩඉරිගු, සෝයා, අන්නාසි, පැෂන් පෘට්, කටු අනෝදා වැනි කෘෂි බෝගයන් වගා කළාප වශයෙන් අරඹා එම වගා කළාපවල වැඩි ඉඩක් තරුණ ප්‍රජාවට සැපයීමේ වැඩ පිළිවෙළක් කඩිනමින් අරඹන ලෙස ද හෙතෙම සඳහන් කළේය.
තරුණ පරම්පරාව කෘෂිකර්මාන්තයෙන් ඈත් වීම යහපත් ප්‍රවණතාවයක් නොවේ. ඉදිරියේ යම් දිනෙක රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකි වන්නේ මෙරට කෘෂිකර්මාන්තය ස්ථාවර වුවහොත් පමණක් බව ද කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.