ශ්‍රී ලංකා ඒ කන්ඩායම සහ ඕස්ට්‍රේලියා ඒ කන්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම අද සමත්වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ ට්රාවීස් හෙඩ් අගනා ශතකයක් වාර්තා කළේ පන්දු 86 කට ලකුණු 110 ක් රැස් කරමින්. පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුශංක ලකුණු 50ට කඩුලු 04 ක් බිද හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 315ක් රැස් කරගනිමින් තරගයේ ජය හිමිකර ගත්තා. ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුනු 83යි. අශේන් බණ්ඩාර නොදැවී ලකුනු 73 ක් රැස් කළා. 48 වන පන්දුවාරයේ 4 වන සහ 5 වන පන්දුවලදී 6 පහරක් සහ 4 පහරක් එල්ලකරමින් තරගයේ ජයග්‍රහණය කරවීමට නවක ක්‍රීඩක දුලිත් වෙල්ලාගේ සමත්වුණා.