බ්‍රිට්නි ස්පියර්ස් සෑම් අස්ගාරි සමඟ විවාහ වෙයි
Related Articles
ලෝක ප්‍රකට ගායන ශිල්පිනියක වන බ්‍රිට්නි ස්පියර්ස් සිය පෙම්වතා වන සෑම් අස්ගාරි සමඟ විවාහ වී තිබෙනවා.
ලොස් ඇන්ජලීස් නුවර දී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණා. බ්‍රිට්නි ස්පියර්ස් මේ වන විට 40 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ සැමියා පසුවන්නේ 28 වන වියේයි. බ්‍රිට්නි ස්පියර්ස් සිය පෙම්වතා වන අස්ගාරි මුණගැසෙන්නේ 2016 වසරේදීයි. ඒ ඇයගේ ගීතයක් වන ස්ලම්බර් පාටි සදහා වීඩියෝව නිර්මාණය කරන අවස්ථාවේදීයි.