ප්ලාස්ටික් කා දමන පනුවන් විශේෂයක් ඕස්ට්‍රේලියාවෙන් සොයා ගැනේ
Related Articles
ප්ලාස්ටික් කා දමන පනුවන් විශේෂයක් සොයා ගැනීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.
සොෆොබාස් මොරියෝ හෙවත් සුපිරි පනුවන් ලෙස හැදින්වෙන මෙම පනු විශේෂය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සදහා ඉතා වැදගත් වන බවයි පර්යේෂණයේ නිරතවූ විද්‍යාඥයන් සදහන් කරන්නේ. ඔවුන්ගේ ශරීරයේ ඇති එන්සයිම ක්‍රියාකාරීත්වය අනුව මෙම ප්ලාස්ටික් පරිසර හිතකාමී තත්ත්වයට පත්කිරීමට හැකි බව පර්යේෂණවලදී හෙළිවුණා. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පරිසක් මෙම අධ්‍යයනය සිදුකළා.