තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ රීඩ් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.
ගාලුමුවදොර හා අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවට ප්‍රහාර එල්ල කිරීම හා රට පුරා ප්රචණ්ඩ ක්‍රියා සිදු කරමින් රටට කළු පැල්ලමක් එක් වී අදට මාසයක් ගත වනවා.
ගාලුමුවදොර හා අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල වූයේ පසුගිය මාසයේ අද වැනි දිනකයි. ඒ වෙනුවෙන් අද දිනයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනාව. විරෝධතාකරුවන්ට පහරදී මාසයක් පිරීම නිමිත්තෙන් ලේ හා ඇස් දන්දීමේ වැඩසටහනක් රතුකුරුස සංවිධාන මූලස්ථානයේදී මෙන්ම ගාලුමුවදොර ගෝඨාගෝගම දී පැවැත්වෙනවා.
ගාලු මුවදොර විරෝධතාව අද පැවැත්වෙන්නේ 61 වන දිනටයි. එමෙන්ම අරලියගහ මන්දිරය ඉදිරිපිට නෝ ඩීල් ගම විරෝධතාවද අදත් ක්‍රියාත්මකයි. එය පැවැත්වෙන්නේ 28 වන දිනටයි.
ගෝල්ෆේස් අරගල භූමියට හා අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවට පහරදීමත් සමග රට පුරා ප්රචණ්ඩ ක්‍රියා ඇතිවූයේ පසුගිය මස නව වනදායි.දේශපාලනඥයන් රැසකගේ නිවාස ඇතුළු දේපල රැසක් එහිදී විනාශ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළේද මීට මාසයකට පෙරයි.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.
එම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ මෙම පෙත්සම සළකා බැලීමට අද කැද වූ අවස්ථාවේදීයි.