‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයට තවත් ජාත්‍යන්තර සම්මානයක්
Related Articles
23 වන ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී හොදම අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය දිනා ගැනීමට ද නිවුස් පේපර් චිත්‍රපටය සමත් වුණා. මෙම චිත්‍රපටයට හිමිවූ දෙවන ජාත්‍යන්තර සම්මානය මෙයයි.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ ද නිවුස් පේපර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ රංගන ශිල්පීන් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරයි. මැයි 29 වනදා සිට ජුනි 5 වනදා දක්වා ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ දී විවිධ විශේෂාංග පැවැත්වුණු අතර සම්මානය සදහා නිර්දේශිත චිත්‍රපට ද ප්‍රදර්ශනය කෙරුණා. ප්‍රශ්න විචාරත්මක වැඩසටහන් සම්මන්ත්‍රණ, ආදී විශේෂ වැඩසටහන්වලින් පසුවයි ජයග්‍රාහකයින් නිවේදනය කෙරුණේ. ද නිවුස් පේපර් චිත්‍රපටය හොදම අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය දිනාගත් අතර ජාත්‍යන්තර සිනමා උළෙලකදී මෙම චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර බෙංගලූරු ජාත්‍යන්තර සිනමා උළෙලේදී දකුණු ආසියාවේ හොදම සිනමා කෘතිය ලෙස ද නිවුස් පේපර් චිත්‍රපටය සම්මාන හිමිකර ගත්තා.