මුහුදු ජලයෙන් පහන් දල්වන වට්ට්‍රාපලෙයි දේව මෙහෙය
Related Articles
මුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්ලයේ විශේෂ දේව මෙහෙයක් වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ දේව පූජාව ඊයේ සවස සිට අද අලුයම දක්වා පැවත්වුණා.
පාස්කු ඉරුදින ප්‍රහාරය සහ කොවීඩ් 19 වෛරසයේ අවධානම් හේතුවෙන් බැතිමතුන් නොමැතිව වසර 3 ක පමණ කාලයක් වට්ට්‍රාපලෙයි කොවිලේ වාර්ෂික දේව මෙහෙය පැවත්වුනේ කෝවිල් භාරකාර මණ්ඩලයේ සහභාගීත්වයෙන් පමණයි.
කෙසේ වෙතත් මෙවර වසර 3 කට පසුව විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මුලතිව් මුල්ලියාවලෙයි කාට්ටා විනායගර් හිනිදු කෝවිල ඉදිරියෙන් ආරම්භ වූ විශේෂ දේව මෙහෙය වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ චාරිත්‍රය සිලාවත්ත මුහුදු තීරයේදී විශේෂ ස්ථානයකින් ලබාගන්නා මුහුදු ජලය භාවිත කරමින් වට්ට්‍රාපලෙයි කොවිලේ ප්‍රධාන දේව ප්‍රතිමාව වූ කන්නගි දේවතාවගේ ඉදිරිපිට පිහිටි පහන් දැල්වීම අද මධ්‍යම රාත්රියේදී සිදු වුුුණා.
පසුගිය මැයි 30 වනදා වට්ට්‍රාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්ලය ආරම්භ කෙරුනු අතර අද අලුයම මුහුදු ජලයෙන් දල්වන ලද පහන දින හතක් පුරාවට දැල්වීමෙන් අනතුරුව එලඹෙන 13 වනදා අවසන් දේව මෙහෙය පවත්වනු ලබනවා.
වට්ට්‍රාපලෙයි කෝවිලේ පැවත්වෙන් සියලු දේව මෙහෙයන් වෙනුවෙන් මුලතිව් පොලීසිය සහ යුදහමුදාව විසින් විශේෂ ආරක්ෂාවක් සපයා තිබුණා.