නයිජීරියාවේ කිතුනු දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් බැතිමතුන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණා.
මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් රැසක් ද අයත් බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. නිරිත දිග නයිජීරියාවේ ඔන්ටෝ ප්‍රාන්තයේ ශාන්ත ප්‍රැන්සිස් කිතුනු දේවස්ථානයට රැස්ව සිටි බැතිමතුන් ඉලක්ක කරගනිමින් තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර අත්බෝම්බ ප්‍රහාර කිහිපයක් ද එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මිය ගිය කුඩා ලමුන් ඇතුළු 50 දෙනෙකුගේ පමණ සිරුරු රෝහලට ලැබී ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ඔන්ඩෝ ආණ්ඩුකාරවරයා අනතුරු අගවනවා. ප්‍රහාරයේ වගකීම මේ වන කේ කිසිඳු කණ්ඩායමක් භාරගෙන නැහැ.