ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රසායනික කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
රසායනික කර්මාන්ත ශාලාව තුළ හටගත් ගින්නත් සමඟ පිපිරීමක් ද සිදුව තිබෙනවා. පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හාපූර් දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා අංගනයක් තුළ පිහිටි කර්මාන්ත ශාලාවකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. එම කර්මාන්ත ශාලාවේ බොයිලේරුවේ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්. ගින්න මැඩපැවැත්වීම සඳහා පොලීසිය ගිනි නිවන භටයින් ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. කෙසේ වුවද ගින්න පාලනය කිරීමට පැය 3 ක පමණ කාලයක් ගතවූ බවයි වාර්තා වන්නේ.