මෙරට වගා කටයුතු සදහා යූරියා පොහොර ලබාදෙන ලෙසට ඉන්දියාවෙන් කළ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ගොවීන්ට ලබාදීම සදහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් හැටපන්දහසක් ලබාදෙන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අදාළ පොහොර තොගය කඩිනමින් මෙරටට ලබාදෙනු ඇති බවයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.
පසුගිය මහ කන්නයේ සිදු වූ වගා හානි සදහා වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා. වගා හානි සදහා වන්දි මුදල් ලබාදීමට අදාළව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවට ඇතැම් පුවත්පත්වල පළවන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය මේ බව සදහන් කරනවා. වන්දි ලබාදීම සදහා රුපියල් මිලියන පහළොස් දහසක ඇස්තමේන්තුවක් ද කර තිබෙනවා.