නාසා ආයතනය බ්‍රහස්පති ග්‍රහයාගේ නවතම වීඩියෝ සහ ඡායාරූප මාලාවක් එළිදක්වා තිබෙනවා.
ජූනෝ නමැති අභ්‍යවකාශ යානය මගිනුයි මෙම වීඩියෝ සහ ඡායාරූප ලබා ගෙන ඇත්තේ. ඉතා ආකර්ෂණීය සහ සමීප ඡායාරූප රැසක් ඊට ඇතුළත්. බ්‍රහස්පති ග්‍රහයාට සැතපුම් 2050ක් දක්වා ආසන්න මට්ටමට ගොස් වර්ණවත් රූප රැසක් ලබාගෙන තිබෙනවා. එම අවස්ථාවේදී යානය පැයට කිලෝමීටර දෙලක්ෂ දහ දහසක වේගයෙන් චලනය වූ බවයි නාසා විද්‍යාඥයින් පවසන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්රහස්පතිහට නම්කරන ලද චන්ද්‍රයන් 53 දෙනෙකු සහ නම් නොකරන ලද චන්ද්‍රයන් 26 දෙනෙකු සිටිනවා. බ්‍රහස්පති ග්‍රහයා මත නිරන්තරයෙන් ගිනිකදු පිපිරීම් සිදුවන බවයි විද්‍යාඥයන් සදහන් කළේ.