විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සිට පාගමනක් සංවිධාන කර තිබෙනවා.
මෙම පාගමනේ නිරත වන පිරිස නීතිය හෝ සාමය කඩවන ලෙසට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව පියවර ගන්නැයි අධිකරණය නියෝග කළා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අද දිනයේ මෙම පාගමන කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පාගමනේ නිරත වන පිරිසට මංමාවත් කිහිපයකට ඇතුළුවීම වැළැක්වීමේ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළා. එහෙත් එම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළා. කෙසේ වුවද අදාළ පාගමන්කරුවන් නීතිය හෝ සාමය කඩවන ආකාරයට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වන වගන්තිය යටතේ කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.
මේ අතර ගාලුමුවදොර හා නෝ ඩීල් ගම විරෝධතාව අද දිනයේත් පැවැත්වෙනවා. ගාලුමුවදොර අරගලයේ 55 වන දිනය අදයි. ඊයේ රාත්‍රියේ මෙන්ම අද දිනයේද සැළකිය යුතු පිරිසක් විරෝධතාවට එක් වුනා. නෝ ඩීල් ගම විරෝධතාව පැවැත්වෙන්නේ 21 වන දිනටයි. විරෝධතාකරුවන් රැසක් තවමත් එම ස්ථානයේ පෙනී සිටිනවා.