කොළඹ වරායේ සියලු පර්යන්තවල ප්රතිනැව් ගත කිරීම්, බහාලුම් නිෂ්කාශන මෙන්ම, බහාලුම් මෙහෙයුම්, කාර්යක්ෂමව මෙන්ම සාර්ථකව සිදුවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතා පවසනවා.
කොළඹ වරාය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාර පැතිර යන බවයි වරාය අධිකාරියේ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා ප්‍රකාශ කළේ.
වරාය අධිකාරියේ අභ්‍යන්තර භූමියේ ගමන් පහසුව සඳහා පාපැදි සියයක් ප්රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණා. දේශීය නැව් ඒජන්තවරුන්ගේ සංගමය එම පාපැදි ලබාදී ඇති අතර එම සංගමයේ සභාපති ෂෙහාරා ද සිල්වා මහත්මිය නිල වශයෙන් එම පාපැදි වරාය අධිකාරියේ සභාපති ප්‍රසන්න ජයමාන්න මහතා වෙත භාරදුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ePOJEeOy30Y”]