fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජොන්ස්ටන්ට තවත් නඩුවක්

ITN News Editor
By ITN News Editor මැයි 30, 2022 15:56

ජොන්ස්ටන්ට තවත් නඩුවක්

සතොස සේවකයින් නීත්‍යානු කූල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් අසූ හතර ලක්ෂ හැට පන්දහසක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අද යළි නඩුවක් ගොණු කළා.

මෙම චෝදනා සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම නඩුවක් ගොණු කර තිබුණා.  එහෙත් ඒ සදහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනාගේ ලිඛිත අනුමැතිය හිමි වී නොමැති බවට විත්ති පාර්ශ්වය මතු කළ මූලික විරෝධතා හේතුවෙන් එම චෝදනා ඉල්ලා අස්කර ගෙන තිබුණා.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරවන් එම චෝදනාවලින් නිදහස් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

එවැනි තත්ත්වයක් මතයි අද දිනයේ ද යළි අධිචෝදනා පත්‍ර ගොණු කිරිමට අල්ලස් කොමිසම කටයුතු කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 30, 2022 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්