තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දෙන කෙටි කාලීන මූල්‍යාධාර දැඩි ලෙස අගය කරන ලෙස අමාත්‍ය මහාචාර්ය ජී. ඒල් පීරිස් මහතා පවසනවා. ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන හත්සීයක පමණ මුදලක් ලබා දීමට නියමිතයි.
කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කලමනාකාරී වියෝ කන්ඩා හමු වු අවස්ථාවේ ජීඑල් පිරිස් මහතා මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීරිඝකාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහාය මෙරටට ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකලා. තිරසර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුව ලබා දෙන සහාය දැඩි ලෙස අගය කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා මුල්‍ය ආයතන දිරිමත් කරන බවත් ලෝක බැංකුවේ මෙරට කලමනාකාරීවරිය ප්‍රකාශ කළා.