බදුල්ල මීරගහවත්ත නාවෙල ප්රදේශයේ හරිතාගාරයක් තුළ ඉතා සූක්ෂම ලෙස වගාකර තිබූ ගංජා වගාවක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. සැකපිට කාන්තාවක ද අත්අඩංගුවට ගැණුනා.
එළවළු වගාවක් සිදුකරන මුවාවෙන් හරිතාගාරය තුළ ගංජා වගාව සිදුකර තිබෙනවා. ඊයේ රාත්රියේ කළ වැටලීමේ දී හරිතාගාරය තුළ තිබූ ගජා පැළ 1,200 ක ප්රමාණයක් පොලීසිය සොයාගත්තා. වගාව සිදුකළ බවට සැකපිට කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති අතර හරිතාගාරය තුළ සකස් කරන ලද නිදන කාමරයක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකාර කාන්තාව සහ ගංජා පැළ තොගය වැලිමඩ පොලිස් ස්ථානයට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය පවසනවා.