ඉන්දියාවට හා ජපානයට අගමැතිගෙන් ස්තුතිය
Related Articles
ඉන්දියාව හා ජපානය ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම පිළිබදව එම රටවලට කෘතඥතාවය පළකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උපකාර කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟතාවයකට පැමිණි බව ඊයේ දිනයේදී වාර්තා වුණා. ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් ස්තූතිය පළ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබුණා. එමෙන්ම ලංකාවට ආධාර ලබා දීමට ඇමෙරිකා, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවෙන් කරන ලද ඉල්ලීම්වලට පැහැදිලි ප්‍රතිචාරයක් ලැබී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් කියා සිටිනවා.
මේ අතර ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙහිදී ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිය ජනතාවගේ ස්තූතිය ඉන්දීය රජයට හිමිවන බව මිලින්ද මොරගොඩ මහතා සදහන් කර තිබෙනවා.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගද මාර්ගගත ක්‍රමයට සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ණය ලබා ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ.