කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
මේ පිළිබඳ අද (28) උදෑසන විදුලිබල අමාත්‍යංශයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මේ සඳහා කඩිනම් පියවර ගැනීමට තීරණය කර ඇත.
විදුලිය උත්පාදනය සඳහා මසකට ඉන්ධන සදහා පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක වියදමක් ඉක්මවා ඇත. එක් ඒකකයක් නිෂ්පාදනය සඳහා සාමාන්‍ය පිරිවැය රුපියල් 48 දක්වා වැඩි වී ඇත.
පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්ම යටතේ කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීමට මේ අනුව පියවර ගෙන තිබේ.
1. කර්මාන්ත, රජයේ ගොඩනැගිලි, රෝහල්, හෝටල් සහ අනෙකුත් වහළ අවකාශය ලබා ගත හැකි ස්ථානයන්හි වහළ උඩ සූර්ය බලය නිෂ්පාදනය කළ හැකි පරිදි සකස් කිරිම. දැනට යෝජනා කර ඇති විදුලි ගාස්තු වෙනස් කිරීම් මගින්, ඉහත බොහෝ ආයතනවල වත්මන් විදුලි බිල තුන් ගුණයකින් වැඩි වීමට ඉඩ ඇත. එම ආයතනවල වර්තමාන විදුලි බිල් මුදල සූර්ය පැනල සදහා ආයෝජනය කළ හැකි අතර සූර්ය පැනල ලබාදෙන සමාගම්වලට මාසිකව ගෙවිය යුතු මුදල ලෙස මෙය ගෙවා දැමිය හැක. විදුලිබල මණ්ඩලයට මෙමගින් ජල හා තාප බලාගාර කළමනාකරණය කර දහවල් කාලයේදී භාවිතා කිරීමට අවශ්‍ය විදුලිය නිෂ්පාදනයට වැය වන මුදල ඉතිරි කර ගැනීමටත්, ජනන පිරිවැය අඩු කර ගැනීමටත් හැකියාව ලැබේ.
2. යෝජිත ව්‍යාපෘති සඳහා කඩිනමින් තාවකාලික අනුමැතිය ලබාදෙන අතර, ආයෝජන පිරිවැය වැඩි වීම හේතුවෙන් සාධාරණ ගාස්තු සංශෝධනයක් කරනු ලැබේ. මිලදී ගැනීමේ ගිවිසුම නිකුත් කිරීමෙන් පසු, ව්‍යාපෘති ආයෝජකයාගෙන් ලැබෙන ආයෝජන සමඟ ජාතික පද්ධතියේ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආයෝජකයා සමඟ එක්ව කටයුතු කර ආයෝජකයාගේ මුල්‍ය අරමුදල් ආයෝජනය තුලින් කිරීමට බලාපොරොත්තු වේ. මෙමගින් ව්‍යාපෘතිවල කාලරාමුව වේගවත් කරනු ඇත.
ඉහත ඉක්මන් පියවර 2 හැරුණු විට, මහා පරිමාණ පුනර්ජනනීය ආයෝජන වෙනුවෙන් සඳහා තෝරාගත් ව්‍යපෘති, තාක්ෂණික හා මූල්‍ය ඇගයීමෙන් පසු කඩිනමින් ඉඩ සලසාදීමට කටයුතු සම්පාදනය කිරීමට කටයුතු කරනු ලැබේ.