fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථාන කාන්තා කණ්ඩායමට කඩුලු 07ක ජයක්

ITN News Editor
By ITN News Editor මැයි 27, 2022 11:50

පාකිස්ථාන කාන්තා කණ්ඩායමට කඩුලු 07ක ජයක්

ශ්‍රී ලංකා පාකිස්ථාන කාන්තා විස්සයි විස්ස ක්‍රිතකට් තරගයේ දෙවන තරගය කඩුලු 07 කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 06 ක් දැවී ලබා ගත්තේ ලකුනු 102 ක් පමණයි. කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණූ 05 කට දවා ගැනීමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූ හසිනි පෙරේරා ලකුණූ 35 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවකදී කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 104 ක්රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තා. පාකිස්ථාන ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය අයේෂා නසිම් පන්දු 31 කදී ලකුණු 45 ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 05 ක් ද සමගින්. එම ජයග්‍රහණයත් සමගින් තරග 03 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තරග දෙකට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්ථාන කණ්ඩායම  සමත් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2022 11:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්