ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඝාතනය කිරීමේ ISIS සැලැස්මක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි
Related Articles
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඝාතනය කිරීමේ ISIS සැලැස්මක් පිළිබඳ තොරතුරු FBI සංවිධානය අනාවරණය කරගෙන තිබෙනවා.
ඉරාක ජාතිකයෙකු වන මෙම පුද්ගලයා අයි එස් සංවිධානයේ සාමාජිකයින් ඇමෙරිකාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි එෆ්බීඅයි සංවිධානය පවසන්නේ. මෙම පුද්ගලයා 52 හැවිරිදි වියෙහි පසුවන අතර ෂිහාබ් අහමඩ් ෂිහාබ් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. ඇමෙරිකා හිටපු ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්රණයකට ආධාර දීම සහ අනුබල දීම ඔහුට එල්ල වී ඇති චෝදනා වනවා.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා 2020 වසරේ දී ඇමෙරිකාවට පැමිණ ඇති අතර ඇමෙරිකාවේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා අයදුම්පත්රයක් ද යොමු කර ඇති බව එෆ්බීඅයි සංවිධානය අනාවරණය කරගෙන තිබෙනවා.
ඔහු ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිවිරෝධීව ඇමෙරිකාවට පුද්ගලයෙකු ගෙන්වා ගැනීමට තැත් කිරීමේ වරදට වසර 10ක් හා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු ඝාතනය කිරීමට කුමන්ත්රණ කිරීමේ හා අනුබල දීමේ වරදට වසර 20ක සිරදඬුවමක් ද ඔහුට හිමිවනු ඇති.