මෝල්දෝවා රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊගෝර් ඩොඩොන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍යද්‍රෝහී වීම, දුෂණය, නීති විරෝධී පාර්ශවීය මූල්‍යකරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙනුයි මෝල්දෝවා අධිකරණයක් මගින් අත්අඩංගුවට ගරනීමේ නියෝගය නිකුත් කළේ.
අදාළ වරෙන්තුවට අනුව හිටපු ජනාධිපතිවරයාට අයත් ගොඩනැගිලි 10ක් සහ මෝටර් රථ 3ක් සෝදිසියට ලක්කෙරුණා. එහි තිබු මුදල් හා සුඛෝපභෝගී භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 47 හැවිරිදි ඊගෝර් ඩොඩොන් 2016 සිට 2020 දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කළා. ඉන් අනතුරුව එරට ප්‍රධාන විපක්ෂ නායකයා ලෙසයි කටයුතු කළේ.