මෙවර යල කන්නය සදහා මින්නේරි ගොවි ජනපදයේ කුඹුරු අක්කර විසිදෙදහසකට ජලය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
යල කන්නයේ කුඹුරු අක්කර විසිදෙදහසක වී වගා කිරීම සදහා ප්‍රධාන වැව් වලින් ජලය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මින්නේරිය වැවෙන් ජලය නිකුත් කිරීම ආරම්භ කෙරුණු අතර මෙවර පවුල් 4500 ක් වී වගාව සදහා එක්ව සිටිනවා.
දින 30 ක කාලයක් අඛණ්ඩව ජලය සැපයීම සිදු කෙරෙන අතර ඉන් අනතුරුව අවශ්‍යතා මත විධිමත් ක්‍රමවේදයකට ජලය නිකුත් කිරීම සිදු කෙරෙන බවයි වාරිමාර්ග නිලධාරීන් පවසන්නේ. කෙසේ වුවද ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිහණය කිරීමේ අවශ්‍යතාවද වාරිමාර්ග නිලධාරීන් අවධාරණය කරනවා.