ගාලුමුවදොරදී හා කොල්ලුපිටියේදී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක යන මහත්වරුන් අද යළි අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
පසුගිය 9 වනදා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා භූමියට හා අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවට එක්ව සිටි පිරිසට ප්රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අත්ඩංගුවට ගනු ලැබුවා. අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර අද යළි කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
සිද්ධියට අදාළව පැවැත්වෙන හදුනාගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව නඩුව කැදවීමට නියමිතයි.