fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ITN News Editor
By ITN News Editor මැයි 25, 2022 09:24

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ කලින් දින සහ වේලාවන් වෙන්කරගත් අයැදුම්කරුවන්ට පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය පරිදි පසුගිය 17 වනදා සිට ආරම්භ කරනු ලැබුවා. එහෙත් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට කලින් දින සහ වේලාව වෙන්කරගත් පුද්ගලයින්ට පමණක් පැමිණෙන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. බොහෝ පිරිසක් එසේ දින සහ වේලාවන් වෙන්කර ගැනීමකින් තොරව සේවා ලබාගැනීමට පැමිණෙමින් සිටින අතර ඒ හේතුවෙන් බොහෝ දුෂ්කරතා පැනනැගී තිබෙනවා. එහෙයින් ආගමන විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් හෝ 070 71 01 060 යන දුරකතන අංකය ඔස්සේ දින නසහ වේලාවන් වෙන්කර ගැනීමට පහසුකම් පවතිනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2022 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්