ලංකා බැංකුව කෝප් කමිටුව හමුවට
Related Articles
සීමා සහිත ඩබ්ලිව් එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපලක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා ණය ලබාගෙන තිබේදැයි කෝප් කමිටුවේ අවධානයට යොමු වුණා. ඒ කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද රැස් වුණු අවස්ථාවේදීයී.
ලංකා බැංකුවේ 2018 – 2019 මුදල් වර්ෂ සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්ථමාන කාර්ය සාධනය පිළිබද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරුණා.මෙහිදී ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම 2021 වර්ෂය සදහා ලබා ගෙන ඇති ණය වෙනුවෙන් ඇපයට තබා ඇති දේපල පිළිබද පැමිණ සිටි මන්ත්‍රීවරුන් ලංකා බැංකු නිලධාරීන්ගෙන් විමසුවා.
එම අවස්ථාවේදී පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක මහතා සහ එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් සදහන් කළේ පසුගියදා මහජන බැංකුව කෝප් කමිටුවට කැදවූ අවස්ථාවේදී අදාළ සමාගම එම දේපලම ඇපයට තබා ණය ලබාගෙන ඇති බවයි රුපියල් බිලියන 7 ක පමණ ණය මුදලක් ලබා ගෙන ඇති බවට හෙළි වූ අතර මේ පිළිබද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව ඔවුන් පෙන්වා දුන්නා.
එමෙන්ම ලංකා බැංකුව හිටපු සාමාන්‍යාධිකාරීවරයෙක් වෙත කරන ලද රුපියල් මිලියන 32 කට වැඩි පූර්ව පරිණත විශ්‍රාම ප්රතිලාභ ගෙවීමක් පිළිබදව ද එහිදී කෝප් කමිටුවේ දැඩි අවධානයට ලක් වුණා.