ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 02 ක පරිත්‍යාගයක්
Related Articles
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ අර්බුදය අවසන් කිරීමට පුර්ණ සහාය ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය ප්‍රකාශ කළා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදීයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත අලාකා සිං මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. වත්මන් රජය ආරම්භ කර ඇති සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ලබන අගොස්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාසකරන බව අලාකා සිං මහත්මිය අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා. දරුවන්ගේ සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරතුරුව කැපවන බව ද මෙහිදී අවධාරණය කළ අලාකා සිං මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර වැඩසටහනේ පළමු පියවර ලෙස ඩොලර් බිලියන දෙකක සෞඛ්‍ය පහසුකම් පිරිනමන බවද කියා සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ඇගයීමට ලක්කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවත් රටවල් රැසක්ද ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය හමුවේ කියා සිටියා.