ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
Related Articles
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.
ගාලුමෝදර අරගලකරුවන් පිරිසක් මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. පසුගිය 9 වනදා අරගලකරුවන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එම පැමිණිම සැලවීමත් සමගයි මෙම විරෝධතාව පැවැත්වුණේ.