fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් ‌කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 24, 2022 12:41

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් ‌කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු අද නිකුත් කෙරුණා.

ඒ අනුව 6 ශ්‍රේණියට ඇතුළත් වීම සදහා  පිරිමි පාසල්වලින් වැඩිම කඩඉම් ලකුණ වන 179 ක් අවශ්‍යවන්නේ රාජකීය විද්‍යාලයටයි. බාලිකා පාසල්වලින් විශාඛා විද්‍යාලය සදහා ලකුණු 182 ක්  අවශ්‍යවනවා.  මිශ්‍ර පාසල්වලින් වැඩිම කඩඉම් ලකුණ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට සදහායි. එය 173ක්.

පසුගිය වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපලවලට අනුව ජාතික පාසල් වල 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණුයි අද නිකුත් කෙරුණේ. ඒ අනුව පිරිමි පාසල්වලින් කොළඹ රාජකීය විද්‍යාලය සදහා කඩඉම් ලකුණ 179ක්. මහනුවර ධර්මරාජ 178යි. කොළඹ ආනන්ද,  ගාල්ල රිච්මන්ඩ් සහ කුරුණෑගල මලියදේව යන විදුහල්වල 6 ශ්‍රේණියට ඇතුළත් වීම සදහා ශිෂ්‍යත්ව විභාගයෙන් අවශ්‍යවන  ලකුණ 176 ක්.  මහනුවර කිංස්වුඩ්,  කොළඹ නාලන්ද යන විදුහල් සදහා කඩඉම් ලකුණ 174යි.  කුරුණෑගල ශාන්ත ආනා විදුහල 173යි.  කොළඹ ඩී එස් සේනානායක සහ මාතර රාහුල 172යි.

බාලිකා පාසල්වලින් කොළඹ විශාඛා විද්‍යාලයට ලකුණු 182 ක් අවශ්‍යවනවා. කොළඹ දේවි බාලිකා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සදහා අවශ්‍යවන ලකුණු සංඛ්‍යාව 177යි. මහනුවර මහා මායා බාලිකා විදුහලට 176යි. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ගාල්ල සවුත්ලන්ඩ් යන විදුහල් සදහා ලකුණු 175යි. ගම්පහ රත්නාවලී,  මාතර සුජාතා, සහ කුරුණෑගල ශූද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාල සදහා කඩඉම්   ලකුණ 173යි. නුගේගොඩ අනුලා විද්‍යාලය සදහා 171යි.

මිශ්‍ර පාසල්වලින් රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලය සදහා 173යි. හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලය 169, කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය,   අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලය සහ වීරකැටිය රාජපක්ෂ මධ්‍යමහා විද්‍යාලය 168යි. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය 166යි. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 165යි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය,  වේයන්ගොඩ බණ්ඩාරනාය මධ්‍ය මහා විද්‍යාලය,  පින්නවල මධ්‍යමහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලය සහ හලාවත ආනන්ද ජාතික පාසල සදහා කඩඉම් ලකුණ 164යි.

g6application.moe.gov.lk වෙබි අඩවියෙන් ඒ පිළිබද තොරතුරු ලබා ගත හැකියි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2022 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo