fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවෙයි – අවම ගාස්තුව රු 32යි

ITN News Editor
By ITN News Editor මැයි 24, 2022 16:42

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවෙයි – අවම ගාස්තුව රු 32යි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අද (24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවෙනවා.

ඒ 19. 5% කින්. රුපියල් 27 ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළ යනවා. අර්ධ සුඛෝපභෝගී බස්ගාස්තුව 1. 5% කින්ද,  සුඛෝපභෝගී බස් ගාස්තුව  2% කින්ද අධිවේගී මාර්ගවල අධි සුඛෝපභෝගී බස් ගාස්තුව  2. 5% කින්ද අධිවේගී නොවන මාර්ගවල එම ගාස්තුව 3% කින්ද ඉහළ දැමීමටයි ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

ලංගම සහ පෞද්ගලික යන බස් රථ දෙවර්ගයටම ගාස්තු වැඩිවීම අදාළ වනවා. කෙසේ වෙතත් සිසුසැරිය බස් රථවල ගමන් කරන දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් අය කරන්නේ අදාළ ගාස්තුවෙන්  50% ක් බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා ප්‍රකාශ කළා.

ත්‍රි රෝද රථවල පළමු කිලෝමීටරය සදහා වන අවම ගාස්තුව ද රුපියල් 100 දක්වා ඉහළ නැංවීමටයි  ත්‍රි රෝද රථ සංගමය තීරණය කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor මැයි 24, 2022 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo