fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන මිල ඉහළ දැමුවේ මිල සූත‍්‍රයට අනුවයි

ITN News Editor
By ITN News Editor මැයි 24, 2022 12:10

ඉන්ධන මිල ඉහළ දැමුවේ මිල සූත‍්‍රයට අනුවයි

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අනුමත කළ මිල සූත්‍රයට අනුව අදාළ මිල ගණන් ඉහළ නංවා ඇති බවයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ප්‍රවාහන කටයුතුවලට බාධා සිදුවන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා. පසුගිය දින 3 තුළ දිවයිනේ ඉන්ධන පිරවුම්හල 1,044 කට ඩීසල් සහ පෙට්‍රල් තොග ලබාදී ඇති අතර පිරවුම්හල් 40 කට තොග නිකුත්කර නැති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

එම පිරවුම්හල් වසදමා ඇති හෝ තාවකාලිකව සේවා අත්හිටුවා ඇති හෝ තොග ඇනවුම් නොකළ ඒවා බවද ඒ මහතා ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. සියලුම නාගරික ප්‍ර දේහවලට පසුගිය දින කිහිපයේ දිනකට දෙවරක් ඉන්ධන තොග නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බව එහි සදහන්.  එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් දිවයින පුරා බෙදාහැරීම සිදුකරන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2022 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo