ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට හදිසි තත්වයක්
Related Articles
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඇමෙරිකාවේ පවතින ළදරු කිරිපිටි අර්බුදය හේතුවෙන් නිව්යෝර්ක් නගරාධිපතිවරයා මෙම පියවර ගෙන තිබෙනවා. ළදරු කිරිපිටි මිල ඉහළ යාම වළක්වාලමින් මෙම පියවර ගත් බවයි නිව් යොර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් පවසන්නේ.
කූඨ වෙළඳුන් මර්දනය කිරීමට මෙමගින් උපකාරි වනු ඇති බව ද ඔහු සඳහන් කළා. එමෙන් ම පවතින දැඩි අර්බුධය පාලනය කිරීම සඳහා ළදරු කිරිපිටි වෙළඳසැල් වෙත ප්‍රවාහන කිරීමේ දී දැඩි ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.