ඉන්දු පැසිෆික් කලාපයේ දේශසීමා සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ක්වඩ් සමුළුව ආරම්භ වුණා. මෙවර සමුළුව පැවැත්වෙන්නේ හතරවන වරටයි.
රටවල් හතරේ ආරක්ෂක සහයෝගීතා එකමුතුව හෙවත් ‘ක්වඩ්’ සමුළුව ජපානයේ ටෝකියෝ නුවරදීයි ආරම්භ වුණේ. ජපානය, ඇමෙරිකාව,ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල නායකයින් මේ සදහා එක් ව සිටිනවා. ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වුණා.
සමුළුව අරඹමින් ආසියානු කලාපයේ ආරක්ෂාවට චීනයෙන් පමණක් නොව උතුරු කොරියාවෙන් ද එල්ල වන තර්ජන සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරුණා. චීනය, තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වන බවත්, චීනය තායිවානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුමනය කළහොත් ඇමෙරිකාවේ සහාය තායිවානයට ලබා දෙන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමුළුවේදී අවධාරණය කළා.