යුක්රේනයට එරෙහිව ක්රියාත්මක වන යුධමය තත්වයට විරෝධය දක්වමින් රුසියානු රාජ්ය තාන්ත්රිකයෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
රුසියාවේ ආක්රමණශීලි ප්රතිපත්ති හේතුවෙන් තමන් ඉවත් වන බව ජිනිවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූත මෙහෙවරේ සිටි බොරිස් බොන්ඩරෙව් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. තම වසර 20 වෘත්තිය ජිවිතයෙන් ඉවත් වීමට තීරණය කළේ මෙම අනුවණ සහ නින්දාසහගත ක්රියාවට තවදුරටත් හවුල් විය නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කෙසේවෙතත් ඔහුගේ මෙම තීරණය සම්බන්ධයෙන් රුසියාව ප්රතිචාර දක්වා නැහැ.