චීනයේ විවෘත භාවය අඛණ්ඩව පුළුල් වෙයි
Related Articles
චීනයේ විවෘත භාවය අඛණ්ඩව පුළුල් වන බව පසුගිය 21 හා 22 දිනවල පැවති APEC සංවිධානයේ 28වැනි වෙළඳ ඇමති සමුළුවට එක්වෙමින්, චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා සඳහන් කළා. ගෝලීය හා කලාපීය ආර්ථිකයේ ස්ථාවර වර්ධනය වෙනුවෙන් චීනය අඛණ්ඩව දායක වෙයි. APEC විධානයට අයත් විවිධ ආර්ථිකයන් අතර සහයෝගිතා තහවුරු කිරීම චීනයේ අභිමතයයි. එමගින්, ලෝක වෙළඳ සංවිධානයේ 12වැනි ඇමති මට්ටමේ රැස්වීම, නව කොරොනා වසංගතයට සටන්කිරීම, ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ ඇතුළු තේමාවලින් ප්‍රායෝගික ප්‍රගතියක් අත්කරගැනීම පොදුවේ ඉදිරියට මෙහෙයවීමට චීනය කැමැත්තෙන් සිටින බවද වාණිජ අමාත්‍ය Wang Wentao මහතා එහිදී පැවසීය.
APEC සංවිධානයේ 28වැනි වෙළඳ ඇමති සමුළුව සඳහා, එම සංවිධානයට අයත් අාර්ථිකයන් 21ක වෙළඳ අමාත්‍යවරුන් හෝ නියෝජිතයෝ, කාර්මික හා වාණිජ ක්ෂේත්‍ර නියෝජිතයන් මෙම ලෝක වෙළඳ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීහුද එක්ව සිටියහ.