fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන සඳහා උපරිම ආරක්ෂාවක්

ITN News Editor
By ITN News Editor මැයි 23, 2022 10:02

සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන සඳහා උපරිම ආරක්ෂාවක්

සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන සඳහා උපරිම ආරක්ෂාවක් සලසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

සෑම විභාග මධ්‍යස්ථානයකටම අවි සහිතව පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු බැගින් යෙදවෙනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

විභාග දෙපාර්තමේන්තුවේ සිට සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය සදහා පොලිස් මුර පොළක් ස්ථාපිත කර තිබෙන අතර පොලිස් මුර ජංගම පොලිස් සංචාර සිදුකරමින් අයදුම්කරුවන්ට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම ප්‍රශ්නපත්‍ර සහ උත්තරපත්‍ර වලට ද ආරක්ෂාව ලබාදෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය පැවත්වෙන දිනවලදී මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ වල නිරත වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 23, 2022 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo