2021 සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වෙයි
Related Articles
2021 සාමාන්‍ය පෙළ විභාගය අදින් ආරම්භ වුණු අතර දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3,844 කදී ලබන පළමුවනදා දක්වා විභාගය පැවැත්වෙනවා.
විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා තවත් මධ්‍යස්ථාන 542 ක් ස්ථාපිතයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 517,496 ක් වන අතර ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන් වන අතර ඉතිරි 110,367 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් වනවා.
විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටින අතර ඔවුන් සඳහා ඊට අදාළ විභාග මධ්‍යස්ථාන වල විශේෂිත පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා සඳහන් කළා.