fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

HND සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

ITN News Editor
By ITN News Editor මැයි 21, 2022 14:52

HND සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

ජනාධිපතිතුමාට හා රජයට විරෝධය පළකරමින් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවට පොලිසිය ජල හා කදුළු ගෑස්  ප්‍රහාර එල්ල කලා. අධිකරණ නියෝගය ද උල්ලංඝනය කරමින් විරෝධතාකරුවන් ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීයි මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ.

ජල හා කදුලු ගෑස් ප්‍රහාරයට ලක්වූ මෙම විරෝධතාවට සහාය දැක්වීම සදහා ගෝල්ෆේස් අරගල භූමියේ සිටි පිරිසක් ද එක්වුණා.

විරෝධතා පාගමන ආරම්භ කෙරුණේ විහාරමහා දේවී උද්‍යානය අසළ සිටයි. එතැන් සිට පිරිස මරදාන හරහා පිටකොටුවට ගමන් කළා. විරෝධතාකරුවන්ට මාර්ග කිහිපයක ගමන් කිරීම වළක්වාලමින් කොටුවපොලිස් ස්ථානාධිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබුණා. මෙම නියෝගයට අනුව කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවසකට ඇතුළු වීම මෙන්ම හානි කිරීම තහනම් වනවා. පිරිස  බැංකු මාවතට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ලෝක වෙළෙද මධ්‍යස්ථානය අසළදී පොලිසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා. එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එහිදී විරෝධතාකරුවන්ගේ සහායට ගෝල්ෆේස් අරගල භූමියේ සිටි පිරිසක් පැමිණීමත් සමග තත්ත්වය තවත් උණුසුම් අතට හැරුණා. එහිදී පොලිස් නිලධාරීන්ට ගල් ප්‍රහාරයක් ද එල්ල කළා.

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2022 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo