ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 397 ක් රැස් කළා. මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් අගනා ලකුණු 199 ක් රැස් කළේ ශ්‍රී ලංකාවේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්.
අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම සිය ප්‍රථම ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි අතර ඔවුන් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණූ 465 ක් රැස් කළා. මෙහිදී කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් එන්නුම් කළ තමීම් ඉක්බාල් ලකුණු 133 ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහිම් ලකුනු 105 ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුළු 06 ක් දැවී ලකුණු 260 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් තම කඩුළු ආරක්ෂා කරගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළා. දික්වැල්ල නොදැවී ලකුණු 61 ක් රැස් කළ අතර චන්දිමාල් නොදැ වී ලබාගත් ලකුණු සංඛ්‍යාව 39 ක්.
අගනා ලකුණු 199 ක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.