ඇමරිකාවෙන් පළමු වරට මංකිපොක්ස් ආසාදිතයෙකු හදුනා ගැනුනා.
ලොව පුරා රටවල් රැසකින් මෙම අසාදිතයින් හමු වී ඇති අතර ඉන් වැඩි පිරිස යුරෝපා රටවලට අයත් බවයි වාර්තා වන්නේ.
ඇමරිකාවේ මැසචුසෙට් ප්‍රදේශයෙන් මෙම ආසාදිතයා හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම පුද්ගලයා කැනඩාවේ සංචාරයකට එක්ව නැවත පැමිණි අයෙකු බවයි ඇමරිකාවේ සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. මේ වන විට මංකිපොක්ස් නැමැති වෛරසය වැළදෙන පුද්ගලයින් රටවල් රැසකින් හමු වී තිබෙනවා.
මේ වන විට පැතිර යන මංකිපොක්ස් රෝගය අප්‍රිකානු ප්‍රභේදයක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මෙම රෝගය පැපොල රෝගයට සමාන ලක්ෂණ පෙන්නුම් කරනවා.