ශ්‍රී පාද උඩමළුවේ සිට මාර්ග තුනකින් වැඩම කරවූ සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ගල්පොත්තාවෙල රජ මහා විහාරස්ථානයේ තැන්පත් කෙරෙනවා.
ශ්‍රී පාද වන්දනා වාරය අවසන්වීමෙන් පසු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ උඩ මළුවේ සිට පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවූවා. එම පූජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා පෙරහැරකින් වැඩම කර ශ්‍රී පාද වාරය ආරම්භ වන තෙක් එහි තැන්පත්කර තැබෙන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ පවසනවා.